
තමන්ගේ කාමරයට කාන්තාවන්ට ඇරයුම් කර අපයෝජන කළ “ස්වාමි” කෙනෙක් ගැන පරීක්ෂණ
තමන්ගේ කාමරයට කාන්තාවන්ට ඇරයුම් කර අපයෝජන කළ ස්වාමි කෙනකු සම්නක්ධයෙන් ඉන්දීය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
‘මගේ කාමරයට එන්න… මම ඔයාව විදේශ සංචාරයකට එක්කගෙන යන්නම්, ඔයාට කිසිම දෙයක් ගෙවන්න වෙන්නේ නැහැ’ – ‘ස්වාමි චෛත්‍යනන්ද සරස්වතී’ විසින් සිය දිල්ලියේ සුඛෝපභෝගී වසන්ත් කුන්ජ් ප්‍රදේශයේ පෞද්ගලිකව පවත්වාගෙන යන කළමනාකරණ ආයතනයක ‘අධ්‍යක්ෂ’ ලෙස ඔහුගේ රැකවරණය යටතේ සිටින තරුණියන්ට යවන ලද අසභ්‍ය පණිවිඩ දැන් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
ශ්‍රී ශාරදා ඉන්දියානු කළමනාකරණ ආයතනයේ කාන්තාවන් 50 දෙනෙකුගේ ජංගම දුරකථනවල තිබී සොයාගත් WhatsApp පණිවිඩ මගින් පසුගිය වසර 16 තුළ අසභ්‍ය කෙටි පණිවිඩ යැවීම සහ බලහත්කාරයෙන් ශාරීරික සම්බන්ධතා පැවැත්වීම ඇතුළු දුසිම් ගණනක් කාන්තාවන් විඳි අපයෝජන පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
එක් පණිවිඩයක ‘ස්වාමි චෛත්‍යනන්ද’ කාන්තාවකට ඔහුගේ ධනය පොරොන්දු වෙමින් පෙළඹවීම් සිදුකර තිබෙනවා.
තවත් පණිවිඩයක ඔහු දුර්වල ලකුණු ඇති බවට තවත් කෙනෙකුට තර්ජනය කරයි; “… ඔයා මට කීකරු නොවුණොත්, මම ඔයාව අසමත් කරන්නම්…” යැයි ඔහු පවසා තිබුණා.
මෙතෙක් සිදු කර ඇති විමර්ශන සහ සොයා ගත් කරුණු මත පදනම්ව, 2009 සහ 2016 දී, මීට පෙර ගොනු කර තිබූ අපයෝජන නඩු දෙකකින් බේරීමෙන් ධෛර්යමත් වී ඇති මේ පුද්ගලයා, ඔඩීෂාවේ පාර්තසාරතී ලෙස උපත ලැබූ ‘ස්වාමි චෛත්‍යනාන්ද’ ලෙසා හදුන්වනවා.
පොලිසිය පවසන්නේ අවම වශයෙන් අවුරුදු 16 ක් තිස්සේ ඔහු කාන්තාවන් ගොදුරු කර ගෙන ඇති බවටයි.
කෙසේ නමුත් මෙම දෙවන නඩුව ගොනු කර ඇත්තේ එම වසන්ත් කුන්ජ් ආශ්‍රමයේම තරුණියක් විසින්.
මෙතෙක් පොලිසිය හෝ ආශ්‍රම බලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවින්දීය මාධ්‍ය චෝදනා කරනවා.
පොලිස් පැවසා ඇත්තේ මේ ‘දෙවියා’ වට්ස්ඇප් දුරකථන ඇමතුම් හෝ පණිවිඩ හරහා තම වින්දිතයින් වෙත ළඟා වී ඇති බවයි.
මොහුගේ මුල් කෙටි පණිවිඩවලින් ඔහුට අවශ්‍ය ප්‍රතිචාරය නොලැබුණ විට ‘ස්වාමි’ පසුව ලකුණු සම්බන්ධයෙන් බ්ලැක්මේල් කිරීමට යොමු වී තිබෙනවා.
ඔහු ඉලක්ක කරගත් කාන්තාවන් ආර්ථික වශයෙන් දුර්වල කොටස් හෝ ග්‍රාමීය පෙදෙස් වලින් පැමිණි අය බව පොලිසිය පැවසුවා.
