
කාදිනල් හිමිපාණන්ගේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව ගැන කළ සැර කතාවට සංචාරක සංවර්ධන අධිකාරියෙන් පිළිතුරක්
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් සංක්‍රාන්තික ලිංගිකයින් ගේ ප්‍රවර්ධනයක් කිසිසේත්ම සිදුනොකරන බවත්, සංචාරකයින් ගේ ගමනාන්තය සුරක්ෂිත බව පෙන්වාදීම පමණක් අරමුණ වූ බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසනවා.
ඉලක්කගත මිලියන 03 ක සංචාරකයින් මෙරටට ගෙන්වාගැනීම වෙනුවෙන් සදාචාරයට පටහැනි කිසිවක් සිදුනොකරන බවත් ඔහු අවධාරණය කළා.
ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (29) අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලිපියක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි.
“මෙය කිසිසේත්ම ප්‍රචාරක වැඩපිළිවලක් හෝ ප්‍රවර්ධන වැඩපිළිවලක් නොව ගමානාත්ත සුරැකීම සඳහා ශ්‍රී ලංකාවේ තහවුරු කිරීම දැක්වීමක් පමණක් ” බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
රට තුළ LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා EQUAL GROUND නමැති සංවිධානය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීමේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතාගේ අත්සනින් යුත් ලිපියක් සමාජ ජාලය තුළ සංසරණය වීමත් සමඟ මේ පිළිබඳ විවිධ පාර්ශ්වවලින් විවේචනාත්මක අදහස් පළවී තිබුණා.
අදාළ ලිපිය පිළිබඳ සභාපති බුද්ධික හේවාවසම් මෙසේ පැවසුවා.
“දැනට මේ සමාජයේ දුර්මතයක් ඇතිවෙලා තිබෙනවා අපේ ආයතනය මගින් ඉදිරිපත් කරපු ලිපියක් පිළිබඳව. ඇත්තටම මෙම ලිපිය ලංකාවේ පිළිගත් වෙනත් ආයතනයකට ඉදිරිපත් කරපු ලිපියක්. වැරදි අර්ථකථනයක් යනවා මේකෙදී අපි LGBTQ ටුවරිසම් ප්‍රමෝෂන් එකක් කිරීම සඳහා මේ ලිපියෙන් අර්ථකථනය කරනවා කියලා. මම හිතන්නේ එතන වැරදි භාෂා අවබෝධයක් සහ මේ අනවබෝධයෙන් කටයුතු කිරීමක් තමයි අපි දකින්නේ.
ඇත්තටම රජයක් වශයෙනුත් ආයතනයක් වශයෙනුත් අප සියලුම ජාතීන්ගේ ජනවර්ගවල සමානාත්මතාවය සුරකිනවා කියන පදනමේ ඉන්නවා. ලිංගික වශයෙන් හෝ එහෙමත් නැත්නම් ජාතීන් වශයෙන් හෝ එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකින් ආගම් වශයෙන් හෝ බෙදීමක් අපි කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට සෑම ජනර්ගයකම මේගොල්ලෝ විදේශික වෙන්න පුළුවන් එහෙම නැත්නම් සංචාරකයෝ වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ සමානාත්මතාව සුරැකීම තමයි අපගේ ප්‍රධාන වගකීම. මේ අදහස සංචාරක ව්‍යාපාරය තුළ ස්ථාපිත කිරීම සඳහා තමයි අප මෙම ආයතනයත් සමඟ වැඩකිරීම සඳහා ලිපියක් ඉදිරිපත් කළේ.
මෙහි කිසිසේත්ම ලංකාවේ සාරධර්මවලට විරුද්ධව එහෙම නැත්නම් ලංකාවේ ව්‍යවස්ථාවට වූ නීතියට පටහැනිව කටයුතු කිරීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අතිශයෙන් සංවේදී ලංකාවේ, සංස්කෘතිය, ආගම, සාරධර්ම පිළිබඳව. නැවතත් තහවුරු කරන්න කැමතියි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය හෝ සංවර්ධන අධිකාරිය කිසිසේත්ම සමලිංගික සංචාරක ව්‍යාපාරයක් ප්‍රමුඛ හෝ ප්‍රචාරය කිරීම කිසිසේත්ම කරන්නේ නැහැ. අපට ලංකාව ප්‍රචාරයට හෝ ලංකාව සංචාරක ගමනාන්තයක්ට ප්‍රචලිත කිරීමට අවශ්‍ය තරම් සංස්කෘතික, ආගමික සහ ස්වභාවික වටිනාකම් තියෙනවා. ඒ වටිනාකම් තමයි අපි ලෝකයට ගෙනියන්නේ.
දෙවනුව අපි ඇත්තටම බැලුවොත් කාදිනල්තුමාට සහ උන්වහන්සේගේ සංවේදනය පිළිබඳව විශේෂයෙන්ම අපි කම්පාවට පත්වෙනවා. යම් ආකාරයකින් එය වැරදි අර්ථකථනයක් නිසා සිදුවුණා කියලයි අපේ හැඟීම. ඇත්තටම අපිත් මේ කාදිනල්තුමාගේ මුළු ප්‍රකාශය බැලුවම එතුමත් කියනවා උපතෙන් යම් කෙනෙකු එසේ අසමානතාවයක ඉන්නවා නම් ඔවුන්ට ගරුත්වයකින් සැලකිය යුතුය කියන අදහස. අපත් සිටින්නේ ඒ අදහසෙම පමණයි. අපට අවශ්‍ය සමාජයක් හැටියට මේ සමානාත්මතාවය ජනිත කිරීමට පමණයි. කිසිසේත්ම යම් ආකාරයක අනියමය ආකාරයකින් ප්‍රවර්ධනයක් කිරීමට එහෙම නැත්නම් මේක ප්‍රවර්ධන වැඩසටහක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. “
