ඉන්ධන මිලෙහි වෙනසක්

ඉන්ධන මිලෙහි වෙනසක්

ලංකා සුදු ඩීසල්, ඔක්ටේන් අනූපහ පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග කිහිපයක මිල පහත හෙලීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ලංකා සුපිරි ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්වල මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවයි එම සංස්ථාව පෙන්වා දෙන්නේ.

මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ ලංකා සුදු ඩීසල් , ඔක්ටේන් අනූපහ පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග කිහිපයක මිල පහත හෙලීමට ලංකා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 283ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් පහත හෙළා ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ ලීටරයක් රුපියල් 277ක් ලෙසයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් පහත හෙළා ඇති අතර ඒ අනුව රුපියල් 341ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 335ක්.

ලංකා භූමිතෙල් මිලද මෙවර සංශෝධනයේදී රුපියල් 5කින් අඩු කර තිබීම විශේෂත්වයක් වන අතර ඒ අනුව රුපියල් 185ක්ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 180ක් ලෙසයි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ලංකා සුපිරි ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්වල මිලෙහි කිසිදු වෙනසක් සිදුව නැහැ.

Share This