
ස්වීඩනයෙන් ලංකාවේ කුරුඳු ගැන සුබවාදී සහතිකයක් දෙයි – සංචාරක බෝට්ටු සේවයකටත් සූදානම්
නවදිල්ලියේ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතාීඉයේ (03) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මුණගැසුණා.
ඒ මහතා සමඟ ස්වීඩන වෙළඳ හා ආයෝජන කවුන්සිලයේ නියෝජිත පිරිසක් ද ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ද එක්ව සිටියා.
අමාත්‍යාංශය නිවේදනය කළේ ශ්‍රී ලංකා රජය ගත වූ වසරක කාලය තුළ ලබා ඇති ප්‍රගතිය ස්වීඩ්න් තානාපතිවරයාට විස්තර කළ බවයි.
සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත්, අලුත් ආයෝජන අවස්ථා ස්වීඩන ව්‍යාපාරිකයන් මගින් ඇති කිරීමටත් ස්වීඩන රජයේ සහාය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ හා ඛණිජ හා කැනීම් කටයුතුවල ආයෝජන අවස්ථා රැසක් පවතින බැවින් එම අවස්ථා කෙරෙහි ආයෝජකයන් උනන්දු කරන ලෙස ද අමාත්‍යතුමා, ස්වීඩ්න් තානාපතිවරයා ගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
ශ්‍රී ලංකා රජයේ ස්ථිරසාර හා අධිෂ්ඨානශීලී පියවරයන් ස්වීඩනය විමසිල්ලෙන් බලා සිටින බව ද තව තවත් ආයෝජන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට, අදාළ ආයතන සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද මෙම හමුවේ දී තානාපතිවරයා දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩනය තුළ කෙතරම් බහුලව පරිභෝජනය කරන්නේ ද යත් සෑම ගෘහයකම ශ්‍රී ලංකාවේ කුරුඳු යොදාගනිමින් ආහාරපාන වර්ග සකස් කරන බැවින් ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩනයට ආනයනය කිරීම තව තවත් ඉහළ යා හැකි බව ද තානාපතිවරයා ඩ්ඃඅනුවත් කර තිබෙනවා.
තනාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ දැනට වාර්ෂිකව 14,000ක් පමණ ස්වීඩන සංචාරකයක් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර දිවයින තුළ පවතින ස්වභාව සෞන්දර්ය, ජෛව විවිධත්වය හා ආකර්ෂණීය වෙරළ තීරය ස්වීඩන ජනතාව තව තවත් ඇදගනු ඇති බවයි.
නමුත් දැනට ස්වීඩනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඍජු ගුවන් ගමන් නොමැති වීම අඩුපාඩුවක් බව ද තානාපතිවරයා පෙන්වා දී ඇති අතර ඒ පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා ගේ අවධානයට ලක් කර තිබෙනවා.
ස්වීඩනයේ නිෂ්පාදනය කරන විදුලි බලයෙන් ක්‍රියා කරන මගීන් ගෙනයන බෝට්ටු සංචාරක ව්‍යාපාරය සඳහා නොයෙක් රටවල භාවිත කරන අතර එම බෝට්ටු භාවිතය පිළිබඳව හා සංචාරක ප්‍රවාහනයට යොදාගන්නා ආකාරය පිළිබඳව වීඩියෝවක් ද අමාත්‍යතුමා වෙත මෙහිදී ඉදිරිපත් කර තිබුණා.
මෙම බෝට්ටු නිෂ්පාදන සමාගම ශ්‍රී ලාංකික සමාගමක් සමඟ එක්ව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ආයෝජන කිරීමට සාකච්ඡා පවත්වමින් යන බව ද තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ස්වීඩන විශ්වවිද්‍යාලවලට බහුලව යොමු වන බවත් එය ඉදිරියේ දී විශාල වශයෙන් වර්ධනය කිරීමට ස්වීඩන රජය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද තානාපතිවරයා තවදුරටත් දැනුම් දී තිබෙනවා.
ස්වීඩන් තානාපතිවරයා ඉදිරිපත් කළ යෝජනා දෙරට අතර සහයෝගීතාව වර්ධනය සඳහා මෙන්ම දෙපාර්ශ්වයටම වාසිදායක වන අයුරින් ක්‍රියාත්මක කිරීමටත් එකඟ වූ අමාත්‍යවරයා, ස්වීඩනයට යාම සඳහා වීසා ලබා ගැනීමට අයදුම් කරන ශ්‍රී ලාංකිකයනට ඒ සඳහා නවදිල්ලියට යාමට සිදු වන හෙයින් ශ්‍රී ලංකාවේ දී වීසා ලබා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ගයක් යොදන ලෙස හෝ ස්වීඩන තානාපති කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලෙස ද යෝජනා කළ බව අමාත්‍යාංශය සදහන් කළා.

