
ක්ලැරන්ඩන් ශිෂ්‍යත්වයෙන් ඔක්ෆර්ඩ් වඩින ලංකාවේ පළමු ස්වාමීන්වහන්සේ
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් පිරිනමනු ලබන ක්ලැරන්ඩන් ශිෂ්‍යත්වය (Clarendon Fund Scholarship) දිනාගැනීමට අසීරු කාර්යයක්.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පාලි පිළිබද ශාස්ත්‍රවේදි උපාධිය ඉතා ඉහළින් සමත්ව ජර්මනියේ හැම්බර්ග් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති පර්‍යේෂණ උපාධිය ලැබූ, කලක් කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ඉගැන්වීම කළ පූජ්‍ය රාජකීය පණ්ඩිත මානාපිටියේ වජිරබුද්ධි ස්වාමීන්වහන්සේ පූර්ණ ක්ලැරන්ඩන් ශිෂ්‍යත්වය ලබා පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා එංගලන්තයේ ඔක්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට වැඩම කර තිබෙනවා.
ඔක්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය තුළ එම ශිෂ්‍යත්වය ලැබූ එකම භික්ෂූන්වහන්සේ උන්වහන්සේ ලෙස වාර්තාවීම විශේෂයි.
ලොව පුරා නොයෙක් රටවලින් ලැබුණු අයැදුම්පත් දහස් ගණනක් අතරින් උන්වහන්සේට එය ලැබීම වඩාත් කැපී පෙණෙන කටයුත්තක්.