
සෞඛ්‍යාරක්ෂිත බවින් තොරව ප්‍රවාහනය කළ කුකුළු මස් තොගයක් වනසයි (VIDEO)
නිසි උෂ්ණත්වයක් නොමැතිව සෞඛ්‍යාරක්ෂිත බවින් තොරව ලොරි තට්ටුවක් මත ප්‍රවාහනය කරමින් තිබූ කුකුළු මස් කිලෝ ග්‍රෑම් 150 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් භාරයට ගෙන, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව කරදියාන කසල අංගනයේදී මෙම කුකුල් මස් තොගය විනාශ කිරීමට පියවර ගත් බවයි.
විනාශ කළ කුකුළු මස් තොගයේ වටිනාකම රුපියල් එක්ලක්ෂ අනූ පන්දහසක් (195,000) පමණ වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසුවා.
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පිරිසක් පන්නිපිටිය – දෙපානම ප්‍රදේශයේ ආපනශාලා පරීක්ෂා කරමින් සිටියදී එම ස්ථානයට සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොරව නිසි උෂ්ණත්වයක් නොමැතිව ලොරියකින් මෙම කුකුළු මස් තොගයක් රැගෙන විත් තිබුණා.
පසුව මෙම කුකුළු මස් ප්‍රවාහනය කළ පුද්ගලයින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 20.000 දඩයක් නියම කොට කරදියාන කසල අංගනයේදී මස් තොගය විනාශ කරන ලෙසට නියෝග කර තිබුණා.