
බ්‍රේක් නැති යකඩ පැටවූ ලොරිය 15 හැවිරිදි සිසුවාට මරු කැඳවයි
ගම්පහ පොලිස් වසමේ, උඩුගම්පොළ , වීදියවත්ත මංසන්ධියේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු පහළොවක පිරිමි ළමයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස අනතුරට පත්වී ඇත්තේ වීදියවත්ත, දොළාගත පාරේ පදිංචි උඩුගම්පල සෙනරත් පරණවිතාන ජාතික පාසලේ දහවන වසරේ ඉගෙනුම ලැබූ කෂේන් වගේෂ් යන පාසල් සිසුවෙක්.
පෞද්ගලික උපකාර පන්තියකට සහභාගි වී එන අතරතුර අද (04) පිටුපසින් පැමිණි යකඩ පටවා ගත් ලොරි රථය ඉදිරියෙන් ගමන් කරමින් සිටි මෝටර් රථයක ගැටී ඒ අසලින් ගිය ත්‍රීරෝද රථයක් ද අනතුරට පත් කරමින් මෙම අනතුර සිදුවී ඇති බවයි.
සිද්ධිය වූූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව යන මහත්වරුන් මැදිහත් වී අනතුරට පත් වූ සිසුවා වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.
මෙම ස්ථානය අනතුරු බහුල ස්ථානයක් බැවින් ඉතාමත් ඉක්මනින්ම නිසි ආයුරින් සකස් කර දෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට දෙනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා මාධ්‍යයට පැවසා තිබෙනවා.