
අලුත්කඩේ අධිකරණයට එන ත්‍රිරෝද රථ සොරාගත් 3 ක් අල්ලයි – සම්බාහන මධ්‍යස්ථානයක සිටි තයි කාන්තාවන් 9 කුත් අල්ලලා (VIDEO)
කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණෙන ත්‍රිරෝද රථ සොරාගෙන චැසි අංක වෙනස්කර විවිධ පුද්ගලයින්ට අලෙවි කළ බව කියන සැකකරුවන් තිදෙනෙකු ත්‍රිරෝද රථ 6 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රධාන සැකකරු මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණෙන ත්‍රිරෝද රථ සොරාගෙන මාවනැල්ල, හෙම්මාතගම ප්‍රදේශයේ ගරාජයකදී චැසි අංක වෙනස් කර විවිධ පුද්ගලයින්ට අලෙවි කළ බව කියන සැකකරුවන් තිදෙනෙකු සහ ත්‍රිරෝද රථ 6ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, හෙට්ටිපොළ, මාවනැල්ල සහ කටුපොත ප්‍රදේශවල පදිංචි 62, 49 සහ 32 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙක්.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඉකුත් වසරේදී වේල්ලවීදිය සහ ඩෝසන් වීදිය යන ප්‍රදේශවලදී ත්‍රිරෝද රථ 3ක් සොරාගෙන තිබෙනවා.
ඒ අනුව කෙසෙල්වත්ත පොලිසියට ලද පැමිණිලි මත ඒ සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශනය කිරීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු හෙට්ටිපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අනෙක් සැකකරුවන් ද අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම ත්‍රිරෝද රථ සොරකමේ නියැලී සිටි වයස අවුරුදු 62ක් වන පුද්ගලයා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නවතා තිබුණු ත්‍රිරෝද රථයක් මාලිගාවත්ත ප්‍රදේශය දක්වා තල්ලුකරගෙන ගොස් රථය පන ගන්වා හෙම්මාතගම ප්‍රදේශය දක්වා රැගෙන ගොස් තිබුණා.
ඒ අනුව වසරක් තිස්සේ සී.සී.ටී.වී. දර්ශන කොළඹ සිට හෙම්මාතගම දක්වා පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ.
මෙම සැකකරුවන් කොළඹ තදාසන්න ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරාගෙන ඉතා සූක්ෂම ආකාරයට චැසි අංක සහ අංක තහඩු වෙනස් කර විවිධ පුද්ගලයින්ට වංචා සහගත ලෙස අලෙවි කර තිබෙනවා.
මේ අතර කොළඹ කුරුඳු වත්ත ප්‍රදේශයේ වසර ගණනක් තිස්සේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානක් වැටලීමට බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පියවර ගෙන තිබෙනවා.
මෙම වැටලීමට හේතු වී ඇත්තේ අදාල සම්බාහන මධ්‍යස්ථානයේ තායිලන්ත ජාතික කාන්තාවන් 9 දෙනෙකු ගණිකා වෘත්තියේ යෙදෙන බවට, තොරතුරු හෙළිවීමත් සමඟයි.