කෙහෙල්බද්දර පද්මේගේ තවත් ගිනි අවි මතුවේ (VIDEO)

කෙහෙල්බද්දර පද්මේගේ තවත් ගිනි අවි මතුවේ (VIDEO)

දැනට පොලිස් අත්අඩංගුවේ සිටින, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු හා සංවිධාත්මක අපරාධ කරුවකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බව කියන තවත් ගිණිඅවියක් ඌරගස්මංහන්දිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීම් අනුව හෙළිකරගත් තොරතුරු මත එම ගිණිඅවිය සොයාගත් බවයි.

මේ අතර පොලීසිය කෙහෙල්බද්දර පද්මේගෙන් හෙළිකරගත් කරුණු අනුව, තවත් සඟවා තිබූ නීතිවිරෝධී පිස්තෝලයක් සහ පතොරම් ගැබක් සොයාගෙන තිබෙනවා.

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදී ලොරි රථ 03 ක තිබී, සොයාගත් අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන ආ බවට පොලිස් භාරයට ගත් ධීවර යාත්‍රාව ඊයේ දෙවුන්දර සිට තංගල්ල පොලිස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් අයෙකු මෙම ධීවර යාත්‍රාවෙන් අදාල මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවටයි තොරතුරු වාර්ථාවී ඇත්තේ.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණ කර ඇත්තේ, රුපියල් ලක්ෂ 35 ක කොන්ත්‍රාත්තුවක් මත එම මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කර ඇති බවටයි.

මේ අතර මීටියාගොඩ පොලීසියට ලැබුණු තොරතුරක් අනුව කල විමර්ශණයකදී, මීටියාගොඩ කිරලගහවෙල මංසන්ධියේදී හෙරොයින් පැකට් කිහිපයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු රත්ගම සිරිකඳුරවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරුගෙන කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී ඔහු විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයකු බවට අනාවරණ වී ඇති අතර සංවිධානාත්මක අපරාධ කරුවකු ලෙස සැලකෙන මහදුර නලීන් නැමැත්තාගේ ඥාතියෙකු බවටද හෙලිවී තිබෙනවා.

සැකකරුගෙන් දීර්ඝ ලෙස කල ප්‍රශ්ණ කිරීම් හමුවේ, මීටියාගොඩ අක්කරපහ ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබූ විදේශීය රටක නිශ්පාධිත බෝර 12 ගිණිඅවියක් සහ උන්ඩ 04 ක්ද පොලිසි භාරයට ගැනුණා.

පොලීසිය පැවසුවේ, මෙම ගිණිඅවිය, පසුගියදා අලුතවල මාර්ගයේ ගරාජයකට දෙදෙනෙකු පැමිණ පුද්ගල ඝාතනයකට තැත්කිරීමේ සිද්ධිය සඳහා භාවිත කල ගිණිඅවියද යන්න පිළිබදව සෙවීමට විමර්ශණ සිදුකරන බවයි.

මේ අතර පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැණුනු කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් සතුව තිබූ දුරකතන 31 සම්බන්ධයෙන් විමර්ශණ ක්‍රියාත්මක බවයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ.

Share This