අයහපත් කාලගුණයෙන් ගස් කඩා වැටී කුරුණෑගල නිවස රැසකට හානි

අයහපත් කාලගුණයෙන් ගස් කඩා වැටී කුරුණෑගල නිවස රැසකට හානි

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඊයේ (04) ඇතිවූ තද සුළං තත්වය හේතුවෙන් නිවාස 25 කට පමණ අර්ධ හානි සිදුවී ඇති බව වාර්තා වනවා.

මැටියගනේ බටහිර,අතුරුවල,කුඩගම්මන,දැලිකනුඅංග,මාරවිට,සිරිගල,පුස්කොලදෙනිය,දඹදෙනිය දකුණ නිවාස හානි සිදුව ඇති අතර ඉන් තුවාල ලැබූ සාමාජිකයින් ගණන 3 ක්.

බස්නොහිර, වයඹ සහ සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මි.මී. 100 ට වැඩි වර්ෂා පතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයවදානම් පවතින ප්‍රදේශ ලෙස නිවේදනය කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි ඇල,ඇල්ල, බදුල්ල හා පස්සර යන ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස අයත් බවයි.

කුරුණෑගල දිත්‍රික් ලේකම් කොට්ඨාශයත්, මාතලේ දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශයත් නාය යාම් අනතුරු අඟවා ඇති ප්‍රදේශ අතරට අයත්.

මොණරාගල දිත්‍රික් ලේකම් කොට්ඨාශයත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශයේ හඳුනාගත් ප්‍රදේශත් නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

 

 

 

 

Share This