
ලක්ෂ 45 හොර දුම්වැටි කටුනායක ගුවන්තොටෙන් පන්නන්න යද්දී අහුවෙයි
රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා විදේශයක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(05) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සැකපිට අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයා පුත්තලම , කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ධීවර කාර්මිකයෙක්.
ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පැවසුවේ අද අලුයම 05.25 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම සැකකරු පැමිණ ඇති බවයි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 30,000 ක් අඩංගු කාටූන් 150 ක් සගවා ගෙන තිබුණා.
