සුපිරි චන්ද්‍රයා ඊයේ දිස්වේ

සුපිරි චන්ද්‍රයා ඊයේ දිස්වේ

චන්ද්‍රයා, සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව සියයට 7ක පමණ විශාලත්වයකින් හා වැඩි දීප්තියකින් ඊයේ (06) රාත්‍රී දිස් වුණා.

ආතර් සී ක්ලාක් ආයතනය පවසා තිබුණේ වප් පුර පසළොස්වක පොහොය යෙදී ඇති ඊයේ (06) චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස දිස් වූ බවයි.

චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස දිස්වන අවස්ථා වසරකට කිහිප වරක් දැක ගත හැකි වන අතර ඉලිප්සාකාර කක්ෂයේ දී චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බව පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස මහතා පවසන බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

තාරකා විද්‍යාඥයින් පවසා තිබුණේ මෙය මෙතෙක් වසරේ විශාලතම හා දීප්තිමත්ම පූර්ණ චන්ද්‍රයා වන අතර 2024 නොවැම්බර් මාසයෙන් පසු දිස්වන පළමු සුපිරි චන්ද්‍රයා බවයි.

විද්‍යාත්මකව, සුපිරි චන්ද්‍රයෙකු සිදුවන්නේ චන්ද්‍රයා එහි ඉලිප්සාකාර කක්ෂයේ පෘථිවියට සමීපතම ප්‍රවේශය සමඟ සමපාත වන විටයි.

චන්ද්‍රයාගේ කක්ෂය පරිපූර්ණ කවයක් නොවන බැවින්, සමහර විට එය සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයෙකුට වඩා සමීප වන අතර විශාල ලෙස සහ 30% කට ආසන්න දීප්තිමත්ව දිස් වනවා.

 

Share This