
ඔබත් මේවා කරනවානම් මේ පොලිස් උපදෙස් පිළිපදින්න
අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා විශේෂයෙන් Telegram / WhatsApp ආදී ගිනුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සශ උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධ පැමිණිළි දෛනිකව ලැබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරනවා.
එම කොට්ඨාශය පවසන්නේ පුද්ගලයින් වංචනිකව රවට ඔවුන්ගේ ගිනුම් අංක ,මුරපද ( User Name / Password ) QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබාගනිමින් මාර්ග ගත රැකියා අවස්ථා ලබාදෙන බව පවසා විවිධ ගිනුම්වලට මුදල් බැරකර ගැනීම් ආදී වංචා සිදුකරන බවට පැමිණිළි ලැබී ඇති බවයි.
එබැවින් අන්තර්ජාලය භාවිත කිරීමේ දී මෙවැනි වංචා සම්බන්ධ අවබෝධයෙන් ක්‍රියා කරන ලෙසටත් පොලීසිය දැනුම් දෙනවා.
පොලීසිය උපදෙස් ලබා දෙන්නේ භාවිත කරන සමාජ මාධ්‍ය ජාලා (Telegram / WhatsApp හෝ වෙනත්) ගිනුම් තුල නොදන්නා පුද්ගලයින් සහ නොදන්නා සමාජ මාධ්‍ය සමූහ මගින් විවිධ ආදායම් මාර්ග ලබාදෙන බව සඳහන් කරමින් සිදුකරනු ලබන වංචනික පෙළඹවීම් හ ක්‍රියාවන්ට හසු නොවන ලෙසයි.
නොදන්නා පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය ජාල සමූහ මගින් පළකරනු ලබන අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත භාවිතයෙන් වැළකී සිටින ලෙස ද පොලීසිය දැනුම් දෙනවා.
සයිබර් අවකාශය තුල නොදන්නා පුද්ගලයින්ගේ ගිනුම් වෙත මුදල් බැර කිරීම ,ඔවුන් සමග බැංකු තොරතුරු හුවමාරු කරගැනීම ,සිය බැංකු ගිනුම් වෙනත් පුද්ගලයින් වෙත භාවිතයට අවසර ලබාදීම නිකරන ලෙසට ද පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.
ගිනුම් අංක , OTP මුරකේත භාහිර පුද්ගලයින් සමග කිසිම අවස්ථාවක දී හුවමාරු කර නොගන්නා ලෙසයි පොලීසිය සදහන් කරන්නේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුම් දෙන්නේ නොදන්නා පුද්ගලයින් ලබා දෙන ජංගම යෙදවුම් ස්ථාපනය කිරීමේ දී හා අන්තර් ජාල දිගු භාවිත කිරීමේ දී ආරක්ෂිත උපක්‍රම පිළිබඳ සැලකිලිමත් වීම හා විද්‍යුත් උපකරණයේ පවතින ප්‍රවේශ ප්‍රවේශ අවසරය ලබා නොදිය යුතු බවයි.