
ත්‍රිකුණාමලයට ගිය කැලණි සරසවි සිසුන් වෙරළට කළ දේ
වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයනාංශයේ තෙවන වසර සිසුන් හා ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව ලංකාවේ විශාලතම කොරල් පර පිරිසුදු කිරීමේ වැඩසටහනක් දියත් කළා.
ත්‍රිකුණාමලයේ පිජන් අයිලන්ඩ් හෙවත් පරෙවි දූපත සහ ගැඹුරු මුහුදු ප්‍රදේශවල මෙම කටයුතු දින හතරක් පුරා සිදුකෙරෙන අතර මේ සඳහා සහභාගි විය හැකි සියලුම දෙනාට ඔවුන් හා එක්වන ලෙසට ආරාධනා කර සිටිනවා.
මොවුන්ගේ අරමුණ වන්නේ කොරල් සම්පත ආරක්ෂා කර ගැනීමයි.
මෙහිදී මෙම පිරිසිදු කිරීමට එක්වූ කිමිඳුන්කරුවන් පැවසූවේ කොරල් පර විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් තිබෙන බවයි.
මේ සඳහා කඩිනමින් පියවරක් නොගත්තහොත් ලබන අවුරුද්ද වන විට පරෙයි දූපතේ ඇති සුන්දරත්වය නැතිවී යාහැකි බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් සංචාරකයින් ද පැමිණීම අඩු විය හැකි බවයි ඔවුන් පවසන්නේ.