
රන්න, වාඩිගල ද්විත්ව ඝාතනයේ මහ මොළකාරිය කුලී නිවස හිමි කාන්තාව – ඝාතනයට යොදාගත් අවිත් සොයා ගනී
හුංගම පොලිස් බල ප්‍රදේශයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී පසුගිය(7) දින සිදුවූ ද්විත්ව ඝාතන සිද්ධියේ සැකකරුවන් අද (8) අගුණුකොලපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත හුංගම පොලිස් නිළධාරීන් විසින් ඉදිරිපත් කළා.
පොලිස් විමර්ශන වලින් අනතුරුව සිද්ධිය සිදුවී පැය කීපයක් ගතවීමටත් පෙර හුංගම පොලිසියේ ස්ථානාධිපති වරයා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් කටයුතුකර තිබුණේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකාරියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ආරච්චිගේ සමන් කුමාර හෙවත් “අඳුපැළෑනේ බින්දු” සහ ඔහුගේ සහෝදරයකු වන කඩවත ආරච්චිගේ ධනංජය, කුමානායකගේ සංජය ප්‍රියදර්ශන සහ ඉශාණි අරුණිකා වීරසේකර යන අයවලුන්.
ඉෂානි අරුණිකා යන සැකකාරිය සිද්ධිය සිදුවූ ස්ථානයේදී අගුණුකොළපෑලැස්ස මහේස්ත්‍රාත් එරන්දි හේවාවසම් මහත්මිය ඉදිරියේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකාරියක් ලෙස සාක්ෂි ලබාදීමට සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ තැනැත්තියයි.
පසුව මෙම කාන්තාව පිළිබඳව දුරකථන විශ්ලේෂණ සහ විමර්ශනයන් සිදුකළ අතර මෙම ඝාතන සිද්ධිය මෙහෙයවා ඇත්තේ මෙම කාන්තාව බවට පොලිසිය තහවුරු කරගෙන තිබනවා.
ඒ අනුව මෙම සැකකාරිය මෙම සිද්ධියේ “මහ මොළකාරිය” ලෙස පොලිසිය අත්අඩංගුවට ගත්තා.
මෙම සැකකාරිය බෝ පසිඳු හා ඝාතනයට ලක් වූ කාන්තාව තාවකාලිකව ලැගුම් ගෙන සිටි නිවසේ හිමිකාරියයි.
ඇයගේ ස්වාමිපුරුෂයා ද මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරමට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර අඳුපැළෑනේ බිංදු සහ ඇයගේ ස්වාමිපුරුෂයා සමීප හිතවතුන් වන බව සඳහන්.
ඝාතනයට සම්බන්ධ සියලු ම තොරතුරු ඇය විසින් බින්දුට ලබා දී ඇති බවට පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා.
මෙම සැකකාරිය මීට පෙර මත්ද්‍රව්‍ය සන්තකයෙහි තබා ගැනීමේ චෝදනාවට ලක් වූ තැනැත්තියක්.
ඇය පදිංචිව සිට ඇත්තේ බෝපසිඳු තාවකාලිකව ලැගුම් ගෙන සිටි නිවසට යාබද නිවසකයි.
මෙම සිද්ධියේ අධිකරණ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ දින තංගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා විසින් සිදු කළා.
පොලිසිය පවසන්නේ එහිදී මරණකාරියගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයක් ද එල්ල වී තිබූ බවයි.
ඇයගේ රහස් ප්‍රදේශය පවා කපා දමා තිබූ අතර හිස සහ පපු ප්‍රදේශයටත් මුහුණ ප්‍රදේශයටත් බරපතළ හානි සිදු කර තිබුණා.
මෙහිදී සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ඒ සඳහා යොදන බෝර දොළහේ පතුරම් දෙකක් සහ තියුණු ආයුධයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අගනුකොළපෑලස්ස අධිකරණයේ මහේස්ත්‍රාත් එරන්දි හේවාවසම් මහත්මිය වෙත ඊයේ(8) දින මෙම ඝාතනය සිද්ධියේ “මහ මොලකාරිය” ඇතුළු සැකකරුවන් හතර දෙනා ම ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කළා.