
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ ( 07) සිය සහතිකය සටහන් කළා.
මෙම පනත් කෙටුම්පත 2025.08.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර සැප්තැම්බර් 23 දින සංශෝධන රහිතව පාර්ලිමේන්තුව විසින්ෙය සම්මත කළා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නව පනතක් හරහා ස්ථාපනය කිරීම මෙම පනතේ පරමාර්ථය වනවා.
නායයෑම් සහ භූ තාක්ෂණික අස්ථාවරත්වයට ගොදුරුවන ප්‍රදේශවල පර්යේෂණ සහ සමීක්ෂණ පැවැත්වීම, ඒවායේ බලපෑම අවම කිරීම සහ තිරසාර සංවර්ධනය පෝෂණය කිරීම මෙම ආයතනයේ මූලික අරමුණු අතර වෙයි.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත, 2025 අංක 20 දරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත ලෙස බලාත්මක වනවා.