ගාල්ල ධීවර වරායේ හදිසි සෝදිසි මෙහෙයුමකින් 15 සැකපිට අත්අඩංගුවට (VIDEO)

ගාල්ල ධීවර වරායේ හදිසි සෝදිසි මෙහෙයුමකින් 15 සැකපිට අත්අඩංගුවට (VIDEO)

ගාල්ල ධීවර වරායේ ඊයේ (10) පස්වරුවේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

ගාල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න මහතාගේ උපදෙස් පරිදි ගාල්ල වරාය පොලිස් වසමේ පිහිටි ධීවර වරායේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සඳහා ගාල්ල වරාය, හබරාදුව අක්මීමන, හික්කඩුව, රත්ගම, අහංගම, ගාල්ල යන පොලීසිවල නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිටියා.

මෙම සෝදිසි මෙහෙයුම සඳහා පොලිස් නිල සුනඛයන්ද සම්බන්ධ කරගත් අතර එහිදී සැකපිට පුද්ගලයන් පහළොස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් දෙදෙනකු සතුව තිබී ගංජා සහ අයිස් මිලිග්‍රෑම් 2860 ළඟ ද සොයාගත් බවයි.

ධීවර වරාය පරිශ්‍රයට ඇතුල් වන සහ පිටවන රථ වාහන මෙන්ම පුද්ගලයන්ද පරීක්ෂාවට ලක් කළා.


Share This