වෙඩි වැදුනු කෙනෙරකගේ දිවි බේරා ගැනීමට වනජීවි නිලධාරීන් මහත් පරිශ්‍රමයක

වෙඩි වැදුනු කෙනෙරකගේ දිවි බේරා ගැනීමට වනජීවි නිලධාරීන් මහත් පරිශ්‍රමයක

හිසෙහි වූ වෙඩි වැදීම් සළකුණු සහිතව ගල්කිරියාගම දඹුලු – හල්මිල්ලවැව වැව් ඉස්මත්තේ බරපතළ තත්ත්වයන් බිම වැටී සිටින කෙනරකට ප්‍රතිකාර ලබා දීම නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ ඇතුලු නිලධාරීන් පිරිසක් ඊයේ (10) ආරම්භ කළා.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදි දඹුලු – හල්මිල්ලවැව වැවෙහි පිටියේ වැටි සිටියදී එම කෙනෙර වනජීවි නිලධාරීන් විසින් සොයා ගැනීමෙන් පසුව කඩිනමින් ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.

කෙනෙර වැටී සිටි ස්ථානයට පැමිණි නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ඇතුළු නිලධාරීන් පිරිස බිම වැටී සිටි කෙනරට ප්‍රතිකාර ලබා දීමට පෙර කෙනෙරගේ සිරුර පරීක්ෂාවට ලක් කළා.

ඒ සදහා එම කෙනර වැටි සිටි ඇලයෙන් අනෙක් ඇලයට හරවා බැලීමට ප්‍රදේශවාසීන් සමග දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.

බරපතළ තත්ත්වයේ සිටින එම කෙනරට අවශ්‍ය ආහර හා ජලය සැපයීමද ප්‍රදේශවාසීන් හා වනජීවී නිලධාරීන් එක්ව සිදුකිරීමට කටයුතු කළා.

මෙලෙස වෙඩි වැදිමට ලක්ව වැටි සිටිනුයේ රණව රක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශයේ සැරිසැරෑ බවට අනුමාන කෙරෙන වයස අවුරුදු 30ක් පමණ වන, උස අඩි 09ක් පමණ ඇති හොඳින් වැඩුණු කෙනරක්.

බිම වැටී සිටින කෙනරගේ හිසෙහි වෙඩි සලකුණු කිහිපයක්ම දක්නට ලැබෙන බව වන් ජීවී පශූ වෛද්‍යවරයා පැවසුවා.

බරපතළ තත්වයේ සිටින මෙම කෙනෙරගේ දිවි බේරා ගැනීමට වනජීවී පශු වෛද්‍යවරයා ඇතුලු කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරමින් සිටින අතර ඒ සදහා අඛණ්ඩ ප්‍රතිකාර ලබා දීමට ද වනජීවී නිලධාරීහු කටයුතු කරමින් සිටියි.

 

 

Share This