
දරුවන්ට හොඳම දේ අගමැතිනිය Sri lanka Skills Exp 2025 ප්‍රදර්ශනයේ දී කියයි
දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය, හැකියාව සහ ආකල්ප පවතින බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය මාර්ග විවර කරදීම වැඩිහිටියන්ගේ යුතුකම බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඊයේ අරලියගහ මන්දිරයේ පැවති අධ්‍යාපනික ප්‍රදර්ශනයකට එක්වෙමින් ඇය මේ අදහස් පළ කළා.
අධ්‍යාපනික ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
Sri lanka Skills Exp 2025 සංචාරක සංවර්ධන නිපුණතා සභාව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සහ ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යන ආයතන එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබනවා.
මේ අවස්ථාව සදහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති , නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ , වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ , කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී , අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.