
මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ දයාබර බිරිඳ වූ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත්මිය ඊයේ (11)මහරගම අපේක්ෂා රෝහලේදී අභවප්‍රප්ත වී තිබෙනවා.
මහජන බැංකු මූලස්ථානයේ සහකාර කළමනාකාරිණියක ලෙස රාජකාරී කළ ඇය මියයන වට හතලිස් දෙවැනි වියේ පසුවුවාය.
දෙදරු මවක් වු ඈ කොළඔ රාජකීය විදුහලේ 4 වැනි වසරේ ඉගෙනුම ලබන බිනෝයි කරුණාරත්න හා කොළඹ මියුසියස් විදුහලේ 2 වසරේ ඉගෙනුම ලබන සුමිහිරි කරුණාරත්නගේ මවයි.
ඇගේ අවසන් කටයුතු සඳුඳා (13) පස්වරු 4.00 ට බෙරැල්ල කනත්තේදී සිදු කෙරෙන අතර දේහය ඉරිදා(12) පෙරවරු 9.00සිට බොරැල්ලේ ජයරත්ත මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.