ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥවරයකු චෝදනා කළ  කොස්තාපල්වරයාට නීතිඥවරයා බැණ තර්ජනය කිරීම ගැනත් පරීක්ෂණයක්

ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥවරයකු චෝදනා කළ කොස්තාපල්වරයාට නීතිඥවරයා බැණ තර්ජනය කිරීම ගැනත් පරීක්ෂණයක්

ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියකු විසින් නීතිඥවරයකුට පහර දුන් බවට ලද පැමිණිල්ලකට අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව පොලිස් මාධ්‍ය කොට්ඨාශය අදාල නීතිඥවර‍යා පොලිස් නිලධාරියාට බැණ තර්ජනය කර සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් ද මේවන විට ගල්කිස්ස පොලීසිය පරීක්ෂණයක් ආරම්භ ක‍ර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ සිද්ධියට අදාල පොලිස් නිලධාරියා හට නීතිඥවරයා විසින් බැණ තර්ජනය කර රාජකාරියට සාප‍රාධී බලහත්කාරය පෑම නිරීක්ෂණය වන වීඩියෝ දර්ශනයක් ඇතුලත් සීඩී තැටියක් ඉදිරි විමර්ශන වෙත ඉදිරිපත් කර ඇතිබවයි.

සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කිහිප දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධ ගල්කිස්ස කොට්ටාශ භාර ජ්‍යාෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා.

Share This