ඉදිරි වර්ෂයේ ප්‍රධාන ඉලක්කය ප්‍රතිපාදන ජනතාව වෙත ගලාගෙන යාමට සැලැස්වීම බව ජනාධිපති පවසයි (VIDEO)

ඉදිරි වර්ෂයේ ප්‍රධාන ඉලක්කය ප්‍රතිපාදන ජනතාව වෙත ගලාගෙන යාමට සැලැස්වීම බව ජනාධිපති පවසයි (VIDEO)

එළඹෙන අය වැයේදී ජනතාවට පිරිසිදු පානීය ජල සැපයුම සඳහා ප්‍රතිපාදන ඉදිරි අය වැයෙන් වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මලෛයගම් ප්‍රජාවගේ නිවාස හිමිකම්පත් ලබා දීම වෙනුවෙන් අද (12) බණ්ඩාරවෙල පැවති උත්සවයේ දී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා.

ඔබ අපකෙරෙහි තබන විශ්වාසය බිදකින් හෝ බිද නොවැටී ඒ වගකීම ඉටු කිරීමට අප සූදානම් බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

ඉන්දු – ශ්‍රීලංකා මිත්‍රත්වය සංඛේතවත් කරමින් නිවාස 10,000ක් ලබා දීමේ වැඩසටහන යටතේ මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් 2000 ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා.

කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙන්ම ආරක්ෂිත, පරිසර හිතකාමී මූලික පහසුකම් සහිත නිවාස ලබාදීම මෙම නිවාස ව්‍යාපෘතියේ අරමුණයි.

වතු සේවකයෙකු වීම, වසර 05 ක නිවැරදි වතු පදිංචිය, වතු සේවක සමුපකාර නිවාස සමිතියේ සාමාජිකත්වය, කලින් නිවාස ආධාර ලබා නොමැතිවීම, මේ වන විට පදිංචිව සිටින්නේ ලයින් කාමරයක හෝ තාවකාලික නිවෙසකවීම සහ දැනට පදිංචි ස්ථානයේ ආපදා බලපෑම් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව සැලකිල්ලට ගනිමින් මෙම නිවාස ලබාදීම සිදු කෙරෙනවා.

ව්‍යාපෘතියේ සිව්වැනි අදියර යටතේ දිස්ත්‍රික්ක 09 ක ප්‍රතිලාභින් 2056 දෙනෙක් තෝරාගෙන මෙලෙස නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය කෙරෙන අතර ඉන්දියානු ආධාර යටතේයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ.

 

Share This