ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් 78 වන අග්නිදිග ආසියානු කළාපීය ජාත්‍යන්තර සෞඛ්‍ය සමුළුවට සහභාගීවීමට දිවයිනට          

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් 78 වන අග්නිදිග ආසියානු කළාපීය ජාත්‍යන්තර සෞඛ්‍ය සමුළුවට සහභාගීවීමට දිවයිනට          

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 78 වන අග්නිදිග ආසියානු කළාපීය ජාත්‍යන්තර සෞඛ්‍ය සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා (Tedros Adhanom Ghebreyesus) අද(12) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන මෙම සමුළුව හෙට (13) සිට බදාදා (15) දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුවට අග්නිදිග ආසියානු කළාපයේ රටවල් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිගැනීම සදහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

 

Share This