
කොළඹ මහ නගර සභාවේ කෝටි 4 කට වැඩි වරිපනම් බදු අයකර ගැනීම හිරවෙලා
කොළඹ නගර සභාවට අයවිය යුතු වරිපනම් බඩු රු.මි. 610 කින් මේ වනවිට අයකරගෙන ඇත්තේ රු.මි.148 ක් බව කෝප් කමිටුවේදී අණාවරණය වුණා.
වරිපනම් බදු ලෙස තවත් කෝටි 4 කට අධික මුදලක් අයකර ගැනීමට කටයුතු කරමින් සිටින බව ද කෝප් කමිටුවේදී කොළඹ මහනගර සභා නිලධාරීන් කෝප් කමිටුවට දැනුම් දුන්නා.
එහිදී කොළඹ මහ නගර සභාවේ තක්සේරු අංශ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ පැවසුවේ කොළඹ කොටුවේ හිඟ දේපළ 3747 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 94 දේපළ සොයාගැනීමට නොහැකිවී අති බවයි.
එලෙස හඳුනාගත් දේපළ හිමිකරුවන් 2914 දෙනකුට මේ වනවිට වරිපනම් බදු පිළිබද දැන්වීම් කර ඇතිබව ද දැනුම් දුන්නා.
මෙහිදී කොළඹ කොටුවේ රු. ලක්ෂය ඉක්මවන වරිපනම් ගෙවීම් කරන 840 ඩෙනකුගෙන රු.මි. 840 ක් අයකර ගැනීමට ඇති බව ද අනාවරණය වුණා.
රුපියල් ලක්ෂයට අඩු වරිපනම් බදු ගෙවන පිරිස 2907 දෙනකු සිටින බව ද කෝප් කමිටුව හමුවේ මහ නගර සභා බලධාරීන් අනාවරණය කළා.
කොළඹ කොටුව ප්රදේශයේ රු. ලක්ෂයට වැඩි වරිපනම් ගෙවන්නන් ගෙන් අයකර ගත්යුතුව ඇති රු.මි. 533 ක් අතරින් රු.මි.266 ක් අයකරගත යුතුව ඇත්තේ රාජ්ය ආයතන වලින් බවත් මෙහිදී අනාවරණය කෙරුණා.
මෙම මුඩලින් රු.මි.220 ක් අයකරගත යුතුව ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියෙන් බවද කොළඹ මහ නගර සභාව කෝප් කමිටුවට ද්න්වනු ලැබුවා.
පොලිස් දෙපාර්තමේන්තුවෙන් ද නගර සභාවට මිලියන ගණනක් අයවිය යුතු බවයි මහ නගර සභා බලධාරීන් කෝප් කමිටුව හමුවේ ප්රකාශ කළේ.
මෙහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය කෝප් කමිටුව හමුවේ පෙන්වා දුන්නේ දැනට මහ නගර සභාව සතු ඉඩම් සංගණනයක් සිදුකරමින් පවතින බවයි.
කොළඹ නගර යේ බහුතරය අනවසර ඉදිකිරීම් බව ද ඇය පෙන්වා දුන්නා.
කොළඹ නගර සීමාවේ වතු පමණක් 1400 ක් ඇති බව ද ඇය සඳහන් කළා.