නීතිඥයකුට පොලිස් නිලධාරියකු පහර දීමේ සිද්ධියට ගල්කිස්ස අධිකරණ භූමියේ CCTV පරීක්ෂා කර පරීක්ෂණයක්

නීතිඥයකුට පොලිස් නිලධාරියකු පහර දීමේ සිද්ධියට ගල්කිස්ස අධිකරණ භූමියේ CCTV පරීක්ෂා කර පරීක්ෂණයක්

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ පරිශ්‍රයේ ඇති CCTV දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පසුගිය 10 දා නීතීඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් ‍තමන්ට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (13) දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අනුව මෙම සිදුවීමට අදාළ නීතීඥවරයා සමග පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර, රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් ද පොලීසිය විසින් මේ වනවිට විර්මශනයක් ආරම්භ කර තිබෙනවා.

Share This