වහාම ක්‍රියාත්මකවන පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක

වහාම ක්‍රියාත්මකවන පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක

ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර අර්බුදකාරී තත්වයක් ඇතිවීමෙන් පසු සිදු කෙරෙන විමර්ශන හේතුවෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ඒ අනුව ඔහුව අනුයුක්ත කර තිබෙනවා.

නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී සිදුවූ සිදුවීම මේවන විට මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා.

අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ෂනය හේතුවෙන් මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරනවා.

 

Share This