
හුන්නස්ගිරියේ දිය ඇල්ලකින් ඇද වැටී පාසල් සිසුවෙක් මරුට… දෙදෙනෙක් රෝහලේ… (VIDEO)
මහනුවර සුමංගල විද්‍යලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින් තිදෙනෙක් තවත් මිතුරෙක් සමග හතර දෙනාම ඇල්කඩුව හුන්නස්ගිරිය වත්තේ දිය ඇල්ලක දියනැමට ගොස් එක් අයෙකු මියගොස් දෙදෙනෙක් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
වත්තේගම මිගම්මන පදිංචි මේ සිසුන් ඇල්ල මතට නගින්නට ගොස් පල්ලමට වැටි මිය ගොස් ඇතැයි අසල්වාසින් හා කන්දේනුවර පොලිසිය පවසනවා.
දහවල් දොළහට නිවසින් පිටත්ව ඇති පිරිස සවස තුනට පමණ දිය නැමට යතුරු පැදි දෙකකින් ගිය බව සිසුවෙක් පවසා තිබෙනවා.
මෙම ස්ථානය ගල් සහිත අවදානම් ස්ථානයක් වන අතර ගල මුදුනට පිරිස නැග ඇති බවයි වාර්තා වන්නේ.
මහනුවර සුමංගල විද්‍යලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 17 සම්පූර්ණවූ සිසුන් තිදෙනා සමඟ ගිය අනෙක් පුද්ගලයා රැක්රියාවක් කරන පුද්ගලයෙකු බව පොලිසිය පවසනවා.
ඔහුට අනතුරින් කිසිදු හානියක් සිදුවී නොමැති අතර කන්දේනුවර පොලිසිය මේ පිලිබඳ පරික්ෂණ සිදු කරනවා.