
ඉදිරියේදී වාලච්චේන කඩදාසි කම්හල නව මුහුණුවරකින්
පැරණි කඩදාසි නගරය නව මුහුණුවරකින් නැවත ඇති කිරීම රජයේ ඉදිරි සැලැස්ම බව ජාතික කඩදාසි සමාගමේ සභාපති උපාලි රත්නායක මහතා පවසනවා
ජාතික කඩදාසි සමාගමේ සභාපතිවරයා මේ බව පැවසුවේ අද (13) රාජ්‍ය ව්‍යාපාරයන්හි වසරක ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
2024 දී නව රජය පත්වී අලුත් පාලක මණ්ඩලයක් පත් කළ පසු එතෙක් බිදවැටීම් නිසා නිෂ්පාදන නතර කර තිබුණු වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවෙහි පැවති අඩුපාඩු සහ බිදවැටීම් පරීක්ෂාකර බලා අලුත්වැඩියා කටයුතු සිදුකළ බවත් එහිදී අවශ්‍ය වන අමතර කොටස් විදෙස් රටවලින් ගුවන් මගින් ගෙන්වා පසුගිය ජනවාරි 12 වන විට අලුත්වැඩියාවන් අවසන් කර නිෂ්පාදන කටයුතු ඇරඹි බවද ඔහු එහිදී කියා සිටියා
ඒ අනූව අඩුපාඩු හදුනාගනිමින් ඒවා පිළිසකර කළ බවත් කර්මාන්ත ශාලාව පැය 24ම ක්‍රියාත්මක වන තත්ත්වයට රැගෙන ආ බවත් ඒ අනූව පෙර සිදුකළ නිෂ්පාදනය දෙගුණ කරගැනීමට හැකිවූ බවද ඔහු එහිදී පෙන්වා දුන්නා
මේ අනූව මැයි වන විට සියලු වියදම් වියදම් සපුරාගත හැකි නිෂ්පාදනයක් ඇති කරගත් බවද ජූලි මාසයේ සිට මෙහෙයුම් ලාභයක් සහිතව ක්‍රියාත්මක වන බව ද සඳහන්