“බස් ලලියා” ඩුබායි හීදී අත්අඩංගුවට

“බස් ලලියා” ඩුබායි හීදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන් ලලිත් කන්නන්ගර නොහොත් “බස් ලලියා” ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වන අතර ඔහු සමග සිටි තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සහ කප්පම් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලලිත් කන්නන්ගර නමැත්තාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

Share This