
බෝ ගසක අත්තක් කඩා වැටී බදුල්ලේ “හිතහොඳ දොස්තර” හාස්කමකින් මෙන් බේරෙයි!
බදුල්ල රෝහල් පරිශ්‍රයේ ඇති බෝගසක විශාල අත්තක් කඩා වැටී බදුල්ල මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගේ මෝටර් රථයට හානි පැමිණ තිබුණා.
“හිත හොඳ දොස්තර” ලෙස හඳුන්වන වෛද්‍ය පාලිත මහතා මේ පිළිඹඳව පවසා තිබුණේ ” රෝගී ජීවිත රැසක් බේරාගෙන තිබූ නිසා අද මගේ ජීවිතේ බේරුණා” යනුවෙන්.
වෛද්‍ය පාලිත මහතාගේ මෝටර් රථයේ බොන්ට්ටුව මතට බෝ අත්ත වැටී තිබූ අතර රථයට බරපත්ල හානි සිදුව තිබුණේ නැහැ.
“හැම වෙලාවෙම අපි කරන හොඳ පෙරළා අපිට යහපත ගෙනත් දෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ.ටොන් ගානක අත්තක් කඩා වැටිලත් මේ විදියට බේරුණ එක” වෛද්‍ය පාලිත ඒ ගැන පුවත්පතකට කියල තිබුණෙ එහෙම.