සංචාරක පහසුකම් නැංවීමට ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා‍යේ විශේෂ සාකච්ඡාවක්

සංචාරක පහසුකම් නැංවීමට ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා‍යේ විශේෂ සාකච්ඡාවක්

ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයින්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙනවා.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය කඩිනම් තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂ කාර්ය සාධක බලකා‍ය දෙවන වරට ඊයේ (14) ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස්වී පුළුල්ව සාකච්ඡා කළා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඒ අනුව සංචාරකයන්ට වීසා ලබා ගැනීම පහසු කිරීම සහ විද්‍යුත් සංචාරක අවසර පත්‍ර (ETA) ලබා දීමට අදාල කරුණු පිළිඹඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බව‍යි.

එමෙන්ම සංචාරකයන් මෙරටට පැමිණීමේ දී ගුවන් තොටුපළේ දී ඇතිවන තදබදය අවම කර ගැනීම සඳහා කවුන්ටර වැඩිකිරීම සහ සංචාරකයන් විවිධ ස්ථාන නැරඹීමට යාමේ දී ප්‍රවේශ පත්‍ර ලබාගත්‍යුතු ස්ථානවල දී එම ප්‍රවේශපත්‍ර Online ක්‍රමයට ලබාගැනීමට පහසුකම් සැලසීම ආදිය පිළිබඳව ද සාකච්ඡාවී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ සංචාරකයන් සහ සංචාරක ක්ෂේත්‍රයේ පා‍ර්ශ්වකරුවන් මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බවයි.

Share This