අග්‍රාමාත්‍ය ආචා‍ර්ය හරිනි ඔක්. 16 -18 ඉන්දියාවේ නිල සංචාරයක

අග්‍රාමාත්‍ය ආචා‍ර්ය හරිනි ඔක්. 16 -18 ඉන්දියාවේ නිල සංචාරයක

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඔක්තෝනර් 16 සිට 18 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකිඅයා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඇය එම සංචාරය අතර තුර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නෙරේන්ද්‍ර මෝදි මෙන්ම ඉහළ මට්ටමේ නියෝජිතවරුන් සමග ද සාකච්ඡා කිහිපයක නිරතවීමට නියමිතයි.

ඔක්තෝබර් 17 වැනි දින NDTV සහ චින්තන පර්යේෂණ පදනම විසින් සංවිධානය කිරීමට නියමිත NDTV ලෝක සමුළුවේදී අග්‍රාමාත්‍යවරිය ” අනිශ්චිත කාල වකවානුවලදී ඇතිවන විපර්යාස මෙහෙයවීම” යන තේමාව යටතේ සමුළුවේ මුඛ්‍ය දේශනය සිදුකිරීමට නියමිතව තිබෙනවා.

 

Share This