බලධාරීන් නීතිපොත් පෙරළද්දී යා යුතු නිසා අවදානම දරන කිලිනොච්චිය මගී ජනතාව

බලධාරීන් නීතිපොත් පෙරළද්දී යා යුතු නිසා අවදානම දරන කිලිනොච්චිය මගී ජනතාව

මුලංකාවිල් සිට කිලිනොච්චිය බලා ධාවනය වු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මීට දින දෙකකට පෙර ඉදිරියට ධාවනය වූයේ අසීමිතව මගීන් පටවා ගත් ඉතාමත් අවදානම් තත්ත්වයකින්.

ඌට්ටුපුලම් හංදියේදී බස් රථයේ පසුපස පවා එල්ලී මගීන්ට ගමන් කිරීමට සිදුව තිබුණේ මගීන්ට ප්‍රමාණවත් තරම් බස් රථ මෙම මාර්ගයේ ගමන් නොකිරීම හේතුවෙන්.

බස් රථය ඇතුළත ඉතා විශාල පිරිසක් සිටි අතර බස් රථයේ දොරවල් දෙකේ හා පාපුවරුවල රැඳී සිට ගමන් කල පිරිස ද නිසා යම් අනතුරකට මුහුණ දීමක දී සිදුවන හානිය ඉතා විශාල බව අමුතුවෙන් කිය යුතු නැහැ.

මීට මාස කිහිපයකට පෙරද මෙම මාර්ගයේ පෞද්ගලික බස් රථයක් මේ ආකාරයෙන් අධික පිරිසක් රැගෙන යාම නිසා එම බස් රථයේ මාර්ග බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා එම බස් රථ රියදුරු හා කොන්දොස්තරට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බව පෞද්ගලික බස් සංගමය සඳහන් කළා.

ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් තරම් බස් රථ යෙදවීම මෙම ගැටළුවට පිළ්ඊයමක් වනු ඇති බවයි.

Share This