පරිභෝජනයට නුසුදුසු අ‍ර්තාපල් අල කිලෝ 1500 ක් යටියන්තොට නිවසක

පරිභෝජනයට නුසුදුසු අ‍ර්තාපල් අල කිලෝ 1500 ක් යටියන්තොට නිවසක

මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ ග්‍රෑම් 1524 වැඩි ප්‍රමාණයක් යටියන්තොට, ගරාගොඩ ප්‍රදේශයේ නිවසක තිබී යටියන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ එම නිවසට යන විට එහි පරිභෝජනයට නොසුදුසු පණුවෝ සහ කුණු වූ අර්තාපල් අල සෝදා පිරිසිදුකරමින් සිට ඇති බවයි.

විදුලි පංකාවකින් වියලා යළිත් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින අවස්ථාවේ මෙම නරක් වූ අර්තාපල් අල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බාරයට ගෙන තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ මොවුන් මෙම අර්තාපල් අල කොළඹ ප්‍රදේශයෙන් ගෙනවිත් මේ අයුරින් කාලයක් තිස්සේ සිදු කර ඇති බව‍යි.

යටියන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායම අදාල අර්තාපල් අල තොගය විනාශ කිරීමට පියවර ගත්තා.

Share This