
නිවසකට පැමිණි කිඹුලකු ගම්වාසීන් අල්ලාගෙන තිරප්පනේ වනජීවී නිලධාරීන්ට කිව්වත් තාම ඇවිත් නෑ
තිරප්පනය වනජීවී බලප්රදේශයේ ඉඳිගහවැව ගම්මානයේ නිවසකට පැමිණි කිඹුලකු ප්රදේශවාසීන් අල්ලා ගස්ක බැඳ තිබුණා.
පසුව ඔවුන් කටයුතු කර ඇත්තේ නිවසට පැමිණි කිඹුලකු අල්ලා ගෙන සිටින බවට තිරප්පනය වනජීවී කාර්යාලයට දැනුම්වත් කිරීමටයි.
අද (17) අලුයම 2.00 ට පමණ ගස් බැඳි කිඹුලා රැගෙන යාමට පස්වරු 12.00 පසු වූවත් නොපැමිණි බවට ගම්වාසීන් වන ජීවී නිලධාරීන්ට චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ අලුයම 2.00 සිට ගස් බැඳි කිඹුලා අද පස්වරුව වන විට හෙම්බත්ව සිටි බවයි .
මෙම ප්රදේශයේ වැව්වල කිඹුලන් නොමැති බවත්, හදිසියේම නිවෙස් වෙත මෙලෙස කිඹුලකු පැමිණි පසු අල්ලා ගත් බවද ඔවුන් පැවසුවා.
ප්රදේශවාසීන් චෝදනා කර සිටින්නේ තම ගම්මානයට වන අලි පැමිණි විටද තිරප්පනය වනජීවී නිළධාරීන් මේ ආකාරයෙන් නොපැමිණෙන බවයි.
මෙම සත්වයා මිය යාමට පෙර රැගෙන යන ලෙස ගම්වාසීන් වන ජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.