කිලෝ 839 ක් මත්ද්‍රව්‍ය ඇද්ද බෝට්ටුව එක්ක 5 ක් අල්ලා ගොඩබිමට රැගෙන එයි

කිලෝ 839 ක් මත්ද්‍රව්‍ය ඇද්ද බෝට්ටුව එක්ක 5 ක් අල්ලා ගොඩබිමට රැගෙන එයි

මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැක කෙරෙන බහුදින යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පවසන්නේ එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස්දෙනෙකු ද ඔවුන් භාරයට ගත් බවයි.

එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන් අද දහවල් ගාල්ල වරාය වෙත රැගෙන ආවා.

දකුණු වෙරළට ඔබ්බෙන් වු මුහුදේ පාවෙමින් තිබුණු උර 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදාව සොයා ගත්තේ පසුගිය 14 වැනිදායි.

එම මත්ද්‍රව්‍ය තොගය විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික දෙහිබාලේ නැමැත්තා ලබාගත් කොන්ත්‍රාත්තුවක් මත මෙරටට රැගෙන එන්නට ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

පසුව ඔවුන් තිදෙනා ගොඩබිමට පැමිණ ඇති අතර යාත්‍රාවේ ගෙන ආ මත්ද්‍රව්‍ය තොගය පිළිබද එම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔවුන්ට පහර දී විමසීමේදි සිද්ධිය පවසා, මත්ද්‍රව්‍ය තොගය මුහුදට විසි කළ බවට පැවසූ බවයි ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

ඒ අනුවයි ස්කීපර්වරයා ඇතුළු යාත්‍රාවේ සිටි පුද්ගලයින් දෙදෙනා සහ ඔවුන්ට පහරදුන් අනෙක් පුද්ගලයින් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත්තේ.

එමෙන්ම එම අවස්ථාවේදී යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙමින් තිබූ බවට සැකකරුවන් සඳහන්කර තිබෙනවා.


 

Share This