
කොළඹ වරාය නගරය ආසියා පැසිෆික් කළාපයේ හොදම එක බව ඇමරිකානු සඟරාවක් කියයි (VIDEO)
2025 වසරේ ගෝලීය නිදහස් ආර්ථික කලාප ශ්‍රේණිගත කිරීම්වලට අනුව කොළඹ වරාය නගරය ආසියා පැසිෆික් කළාපයේ හොදම දැනුම් මධ්‍යස්ථානය ලෙස නම් කර තිබෙනවා.
කොළඹ වරාය නගරය තිරසර කළාපයක් ලෙස වේගවත් සංවර්ධනයක් සඳහා ප්‍රවේශය ලබාගැනීමට සමත්වී ඇති බවයි ලෝක ප්‍රකට සඟරාවක් වන ෆයිනෑන්ෂල් ටයිම්ස් හි දැක්වෙන්නේ.
එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත්කෙරෙන ආයෝජකයින් බලගන්වන සඟරාවක් ලෙස සැලකෙන ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව විසින් ගෝලීය නිදහස් කලාප ශ්‍රේණිගත කිරීම වාර්ෂිකව සිදුකරනු ලබන අතර, එය ලොව පුරා ආයෝජන ප්‍රවර්ධනය සඳහා ලබාදෙන්නේ සුවිශේෂී දායකත්වයක්.
වඩාත්ම නිදහස් කලාප හඳුනා ගනිමින් ඒවා ආයෝජකයින් වෙත හදුන්වාදීමත්, තිරසර සංවර්ධන මාවතකට එම කළාප ප්‍රවිශ්ට කිරීමත් ගෝලීය නිදහස් කලාප සම්මාන උළේලේ මූලික අරමුණක්.
විදේශ සෘජු ආයෝජන, නවෝත්පාදන සහ තිරසාර ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා වූ සුවිශේෂී විභවයන් පෙන්නුම් කරන ස්ථාන සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කරනු ලබනවා.
කොළඹ වරාය නගරයටද එවැනි පිළිගැනීමක් හිමී වී ඇති අතර, දකුණු ආසියාවේ ප්‍රමුඛතම විශේෂ ආර්ථික කලාපයක් ලෙසද දැනුම පදනම් කරගත් කර්මාන්ත සහ ආයෝජන සඳහා වූ මධ්‍යස්ථානයක් ලෙසද හදුනාගනිමින්, එහි වර්ධනය සම්බන්ධයෙන් ධනාත්මක විග්‍රහයක් ලබාදීමට එහිදී පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර ව්‍යාපාර සඳහා මධ්‍යස්ථානයක් ලෙසද කලාපයේ තිරසර දැනුම මත පදනම් වූ නාගරික සංවර්ධනය සඳහා ආදර්ශයක් ලෙසද කොළඹ වරාය නගරය හදුනාගෙන තිබෙනවා.
දකුණු ආසියාවේ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි දියුණු කිරීම සඳහා අනාගත ආයෝජකයින්ට හිතකර පරිසරයක් ලබාදීමට කොළඹ වරාය නගරය පහසුකම් සලසනු ඇති බවයි ෆයිනෑන්ෂල් ටයිම්ස් හි දැක්වෙන්නේ.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්ෂ සියොන්ග් හොංෆෙන්ග් මහතා පවසා ඇත්තේ මෙම පිළිගැනීම තිරසාරභාවය සහිත හරිත අවකාශය පුලුල් කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ දැමීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ඔස්සේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ හැකියාව මේ ඔස්සේ තවදුරටත් පැහැදිලි වී ඇති බවයි.
මේ අතර කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ යටිතල පහසුකම් අදියර 01 සම්පූර්ණ කිරීම වෙනුවෙන් පසුගියදා විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා.
ව්‍යාපෘතියේ ප්‍රගතිග විමසා බැලීම, ඉදිරි වැඩපිළිවෙල සහ ආර්ථික අපේක්ෂාවන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.