මත්ද්‍රව්‍ය ජාලයේ මුල් ඇති තැන් ගැන ජනපති කියයි (VIDEO)

මත්ද්‍රව්‍ය ජාලයේ මුල් ඇති තැන් ගැන ජනපති කියයි (VIDEO)

මෙරට මත්ද්‍රව්‍ය ජාලය දේශපාලනය හා ඉහළ රාජ්‍ය යාන්ත්‍රණය සමඟ බැඳී පවතින බව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කලේ, ත්‍රිකුණාමලයේදී පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උත්සවයට සහභාගී වෙමින්.

මේ අතර රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පළමු වරට රැස්වුණා.

විෂ මත්ද්‍රව්‍ය උවදුර තුන් කිරීම සඳහා පිහිටවූ ජාතික මෙහෙයුම් සභාව ඊයේ පළමුවරට රැස්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට, ආගමික නායකයින්, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරත්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී මත්ද්‍රව්‍ය ජාලය පිටුදැකීම, ඊට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය, මත් උවදුර තුරන්කිරීම සඳහා ජන සහභාගීත්වට ලබා ගැනීම හා දැනුම්වත් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානයට යොමුවුණා.

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කලේ, මත් උවදුර පිටුදැකීම සඳහා රටම ඒකරාශීකරගත් පුළුල් වැඩපිළිවලක් ක්‍රියාත්මක කළයුතු බවයි.

Share This