
ජයනන්ද වර්ණවීර ගේ මරණය සම්බන්ධයෙන් සිරුරු කොටස් රස පරීක්ෂකවරයාට යොමු කරයි (VIDEO)
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතාගේ මරණයට හේතුව නිශ්චිත කර ගැනීම සඳහා ඔහුගේ සිරුරු කොටස් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා.
අදාළ මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කරමින් මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මේ තීරණය ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කලක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන ජයනන්ද වර්ණවීර මහතා පසුගිය 17 වැනිදා මරණයට පත්වුණේ මහනුවර බොකලේවෙල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.
ඔහුගේ ඥාතීන් පැවසුවේ ඔහු පෙරදින රාත්‍රියේ නින්දට ගිය පසු යළි අවදි නොවීම පිළිබඳව විමසිලිමත් වීමේදී ඔහුගේ මරණය පිළිබඳ දැනගත් බවයි.
එම අවස්ථාවේ අදාළ නිවසේ සිට ඇත්තේ ජයනන්ද වර්ණවීර මහතාගේ බිරිඳත් ඔහුගේ ලේලියත් පමණයි.
ජයනන්ද වර්ණවීර මහතාගේ දේහය පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කළේ මහනුවර මහ රෝහලේ සිදුකෙරුණේ එහි අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රභාත් සේනසිංහ මහතා විසින්.
එහිදී මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ නොකළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුර විමර්ශනය සඳහා සිරුරු කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටයි පියවර ගත්තේ.
අනතුරුව දේහය භූමිදානය කිරීම සඳහා වර්ණවීර මහතාගේ බිරිඳට භාරදුන් අතර අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණා.
රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ මරණයට හේතුව තවත් සති දෙකකින් පමණ ප්‍රකාශ කළ හැකි වනු ඇති බවයි.
මේ අතර කටුගස්තොට පොලිසියේ ඉහළ නිලධාරිියෙකු සඳහන් කළේ මරණය පිළිබඳව නිකුත් වී ඇති විවෘත තීන්දුවට අදාළ විමර්ශන කටයුතුසිදුවන බවයි.