
දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය 7 ක් අද අවලංගුයි
උඩරට මාර්ගයේ දුර ගමන් සේවා දුම්රිය ගමන්වාර 07 ක් අද (20) දින අවලංගු කිරීමට දුම්‍රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ (19) සවස මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පිලී පැනීමකට ලක්වී වීම මීට හේතුවයි.
එම ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව හා එම පිළී පැනීමට ලක්වූ ස්ථානය වෙත ලගා වීමේ දුෂ්කරතා ද මතුව තිබුණා.
ඒ හේතුවෙන් එහි පිලී ගත කිරීමේ කටයුතු සඳහා යම් දිගු කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
එම පිලී පැනීම හේතුවෙන් කොළඹ කොටුව සිට මහනුවර,මාතලේ හා බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර 03 ක් හා මහනුවර,මාතලේ හා බදුල්ල සිට කොළඹ කොටුව හා බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රිය ගමන් වාර 4 ක් ද ඇතුළුව දුම්රිය ගමන් වාර 07ක් දැනට අවලංගු කිරීමට කටයුතු කිරීමට ඊයේ දුම්රිය පාලක මැදිරිය තීරණය කර තිබුණා.
අවලංගු වන දුම්රිය කාලසටහන
📍05.50 කොළඹ කොටුව සිට බදුල්ල
📍07.00 කොළඹ කොටුව සිට මහනුවර ( නගරාන්තර සීඝ්‍රගාමී )
📍 10.35 කොළඹ කොටුව සිට මාතලේ
🔇04.50 මාතලේ සිට කොළඹ කොටුව
🔇 05.00 මහනුවර සිට බෙලිඅත්ත
🔇 06.15 මහනුවර සිට කොළඹ කොටුව
🔇08.30 බදුල්ල සිට කොළඹ කොටුව
මීට අමතරව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 08.30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය හා 09.45 ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙක මහනුවර දුම්රිය ස්ථානයෙන් එහි නියමිත වේලාවට බදුල්ල බලා ධාවනය ගමන් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙන බව දුම්රිය පාලක මැදිරිය පැවසුවා.