චමරි ගේ විස්මිත අවසන් පන්දුවාරයෙන් ශ්‍රී ලංකා පිලට තියුනු ජයක්

චමරි ගේ විස්මිත අවසන් පන්දුවාරයෙන් ශ්‍රී ලංකා පිලට තියුනු ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඊයේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව යැවූ නාටකීය අවසන් පන්දුවාරයේ දී තියුණු ලකුණු 7 ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලියා ගැනීමට මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී සමත් වුණා.

මෙය මෙම ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ එකම තරග ජයග්‍රහනයයි.

තරගය ජයග්‍රහනය සදහා අවසන් පන්දුවාරයේදී ලකුණු 9 ක පහසු ඉලක්කයක් තිබිය දී පන්දුව අතට ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායික චමරි අතපත්තු පන්දුවාරය යැවීම ආරම්භ කළා.

දැන් පන්දු අන්තිම ඕවරේ බංග්ලාදේශයට දිනන්න ඕනි වුනේ ලකුණු 9යි.

නොදැවී ලකුණු 77ක් ලබාගෙන බෝලේ ෆුට්බෝලයක් වගේ පේන බංගලි කැප්ටන් ඒ වෙලාවේ විකට් එකේ.

නායිකාව විදිහට පෙරමුණ අරන් තීරණාත්මක වෙලාවේ චමරි අතපත්තු අවසන් පන්දුවාරය යවන්න පන්දුව අතට ගත්තා.

අවසන් පන්දුවාරයේ පලවෙනි පන්දුවෙන්ම කඩුල්ල ආවරණය කර දැවී යාමක්..!

දෙවෙනි පන්දුවෙදී නිලක්ෂිකාගේ සුපිරි පන්දු රැකීම හමුවේ Nahida Akter දැවී යනවා.

තුන්වෙනි පන්දුවෙදී බංගලි කැප්ටන් ලෝන්ග් ඕෆ් වල හිටපු නිලක්ෂිකාට උඩ පන්දුවක් දීලා දැවී යන්නෙ ලකුණු 77 ක් පන්දු 98 කින් රැස්කර සිටිය දීයි.

සිව්වැනි පන්දුවෙදී Marufa Akter කඩුල්ල ආවරණය කිරීමෙන් චමරි ගෙ පන්දුවක් හමුවේ දැවී යනවා.

පස්වෙනි පන්දුවට එක ලකුණයි.

අවසන් පන්දුවට ලකුණු නෑ…

අන්තිමට අවසන් පන්දුවාරයේ එක ලකුණකට දුවද්දි දැවී යාමකුත් එක්ක කඩුලු 4ක් අරන් එක මොහොතක සම්පූර්ණයෙන්ම බංග්ලාදේශය සතුව තිබුණු තරගය කනපිට පෙරළනවා.

ඒ වගේම ඊයෙ චමරි අතපත්තු එක්දින ජාත්‍යන්තර ලකුණු 4000 කඩයිම පසුකරා මෙන්ම එක්දින කඩුලු 50 කඩයිමට ද එකම තරගයේදී ලගා වීමට සමත් වුණා.

චමරි ලකුණු 42කට කඩුලු 4 කුත්, පන්දු 43කට ලකුණු 46 කුත් ලබාගෙන තරගයේ නිල නොලත් වීරවරිය වුණා.

පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.4 කදි සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 203 ක්.

චමරි අතපත්තු ලකුණු 46 ක් එක්කළ අතර හසිනි පෙරේරා ලකුණු 85 ක් පන්දු 99 කදී රැස් කළා.

නිලක්ෂි ද සිල්වා ලකුණු 37 ක් රැස් කළා.

පන්දු යැවීමේදී බංග්ලාදේශයේ ශෝනා අක්තාර් කඩුළු 3 ක බිඳ දමමින් පෙරමුණ ගත්තා.

පිළිතුරු ඉනිම ඇරඹූ බංග්ලාදේශ කණ්ඩායමේ ශාමින් අක්තාර් ලකුණු 64 ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වුණා.

49 වැනි පන්දුවාරය නිමා වන විට බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහනයට ලකුණු 9 ක පසුපසින් සිටියා.

අවසානයේ චමරි අතපත්තු අවසන් පන්දුවාරය යවමින් තරගයේ බංග්ලාදේශ කණ්ඩායමේ බලාපොරොත්තු සුනු විසුනු කළා.

 

Share This