ජපාන ඉතිහාසයේ පළමු වරට අග්‍රාමාත්‍ය ධූරය කාන්තාවකට

ජපාන ඉතිහාසයේ පළමු වරට අග්‍රාමාත්‍ය ධූරය කාන්තාවකට

ජපනය ඉතිහාසයේ පළමු වරට අගමැතිනිය ලෙස ටකයිචි සානේ පත්ව තිබෙනවා.

ඉතිහාසයේ කාන්තාවක් ජපානය මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි.

ඇය පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දෙන අතර ජපන් නවෝත්පාදන පක්ෂය සමඟ නව සභාග රජයක් දියත් කරනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

ජපන් අධිරාජ්‍යයා විසින් ඇය තේරී පත්වීමෙන් පසු අද සවස ටකයිචි බලයට පත්වූ බව නිවේදනය කිරීමට නියමිතයි.

එය අවසන් වූ පසු, ඇය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එය අගමැතිනිය ලෙස ඇයගේ පළමු අවස්ථාව වනු ඇති.

NHK ආයතනය පවසන්නේ ඇය කොයිසුමි ෂින්ජිරෝ ආරක්ෂක අමාත්‍ය ධුරයට තෝරා ගත් බවයි.

පක්ෂයේ ඉහළම ස්ථානය සඳහා ඇයගේ ප්‍රධාන ප්‍රතිවාදියා ඔහු බව NHK ආයතනය සඳහන් කළා.

තවත් ප්‍රතිවාදියෙකු වන හයාෂි යොෂිමාසා ඇගේ කැබිනට් මණ්ඩලයේ අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍ය ධුරයට පත්වීමට නියමිතයි.

ඇය හිටපු මහලේකම් මොටෙගි ටොෂිමිට්සු විදේශ අමාත්‍ය ධුරයට පත් කිරීමට ද තීරණය කර ඇතැයි සඳහන්.

ඔහු ද ටකයිචි සානේට එරෙහිව තරඟ මැතිවරණයේ තරඟ වැදුණා.

කටයාමා සට්සුකි මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීමට ද ටකයිචි තීරණය කර ඇතැයි වාර්තා වනවා.

 

Share This