
කැකිරාව, ඉහළගම අලිමංකඩ වැව් රක්ෂිත ඉඩම් ඇල්ලීම දේශපාලන මැදිහත්වීමක් ද? (VIDEO)
කැකිරාව, ඉහළගම අලිමංකඩ පිහිටි භූමියේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ නිරන්තරයෙන් අලි ඇතුන් සැරසරන භූමියක් මෙලෙස අත්පත් කරගැනීමෙන් ප්‍රදේශයේ පවතින වන අලි ගැටළුව තවත් උග්‍ර වන බවයි.
කැකිරාව ඉහළගම වැව් රක්ෂිතය වන අලි ඇතුන්ට නවාතැන් සපයන විශේෂ පරිසර පද්ධතියක් ලෙස සැලකෙනවා.
මේ එම රක්ෂිතයට අයත් භූමියයි.
කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලි මෙම භූමිය වාසස්ථානයක් ලෙස යොදා ගන්නා අතර, මෑතක සිට මෙම භූමියේ ඉඩම් අත්පත් කරගැනීමට කිසියම් පිරිසක් උත්සාහ ගනිමින් සිටින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මේ වන විටත් අක්කර 05 ක පමණ ප්‍රදේශයක මායම් සලකුණු කරමින් එම පිරිස එම ඉඩම් අත්පත් කරගැනීමට සැලසුම් කර ඇති බවයි.
ඉඩම් හෙළි පෙහෙලි කරමින් සිටින පිරිසට ගම්වාසීන් දැඩිව විරෝධය පළ කළ අතර, එහිදී ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.
මේ අතර කැකිරාව, ඉහළගම වැව් රක්ෂිතයේ ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය වහාම නතර කරදෙන ලෙස ඉල්ලා ඉහළගම ජනතාව කැකිරාව ප්‍රදේශීය ලේකම් කාර්යාලට පැමිණ පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.