රංගන ශිල්පී රංජිත් ද සිල්වා දුටුවොත් දන්වන්න (VIDEO)

රංගන ශිල්පී රංජිත් ද සිල්වා දුටුවොත් දන්වන්න (VIDEO)

මීට දින දෙකක සිට අතුරුදන්ව සිටින රංගන ශිල්පී රංජිත් ද සිල්වා මහතා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව පොලිසිය සඳහන් කරනවා.

ඒ මහතා අතුරුදන් වන විට කිසියම් අසනීප තත්ත්වයකින් පසුවූ බවට පවුලේ ඥාතීන් පැවසූ අතර ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් පෑලියගොඩ පොලිස් ස්ථානයට හෝ පවුලේ ඥාතීන්ට දැනුම් දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

රංගන ශිල්පී රංජිත් ද සිල්වා මහතා විදෙස් ගතව සිට මෙරටට පැමිණ තිබුණේ ඉකුත් සෙනසුරාදායි.

පසුව ඔහු සිය බිරිඳ සමඟ කැලණිය දළුගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටි බවයි ඔහුගේ ඥාතීන් පැවසුවේ.

පසුගිය ඉරිදා බිරිඳ අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටතට ගොස් ඇති අතර රංජිත් ද සිල්වා මහතා එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ තනිවමයි.

බිරිඳ යළිත් නිවසට පැමිණ පරීක්‍ෂා කළ අවස්ථාවේ ඔහු නිවසෙහි සිට නැහැ.

පවුලේ ඥාතීන් සඳහන් කළේ 75 හැවිරිදි රංජිත් ද සිල්වා මහතා මතකය අහිමිවීමේ අසනීප තත්ත්වයකින්ද පෙළුණු බවයි.

අවසන් වරට ඔහු නිල් පැහැති ඩෙනිම් කලිසමක් සහ සුදු පැහැති කමිසයක් හැද සිට තිබෙනවා.

රංජිත් ද සිල්වා මහතා අවසන් වරට දැක ඇත්තේ පසුගිය ඉරිදා පස්වරු 6ට පමණ කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේදීයි.

ඔහු පිළිබඳ යම්කිසි තොරතුරක් වෙතොත් 071 6 543 296 හෝ 076 7 396 901 යන දුරකථන හරහා පවුලේ ඥාතීන් හට දැනුම් දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

Share This