2026 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනු මැතිය

2026 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනු මැතිය

2026 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනු මැතිය හිමි වුණා.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පෙරේදා (23) රැස් වූ අවස්ථාවේ මෙම අනුමැතිය ලබාදී තිබෙනවා.

මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් 2026 වර්ෂයට අදාලව එක් එක් අංශ සඳහා මුදල් වෙන්කර ඇති ආකාරය සහ ඉදිරි ඉලක්ක පිළිබඳ කරුණු කාරක සභාවට දැනුම් දීමටයි පියවර ගෙන ඇත්තේ.

2026 වර්ෂයට අදාල විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම ( අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ලබන නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This