සඳුදා  සුළි කුණටු ඇතිවීමේ අවදානමක් ගැන කාලගුණ අනාවැකි කියයි (VIDEO)

සඳුදා සුළි කුණටු ඇතිවීමේ අවදානමක් ගැන කාලගුණ අනාවැකි කියයි (VIDEO)

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කිරීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් අනාවැකි පළ කරන්නේ, මෙම පද්ධතිය අද දිනයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ලබන සඳුදා වනවිට සුළිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවටයි.

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව පවසනවා.

මෙම පද්ධතිය අද පෙ.ව. 5.00 ට පමණ මඩකලපුවේ සිට කිලෝමීටර් 850 ක් පමණ දුරින් පිහිටා තිබු අතර මෙම අඩු පීඩන කලාපය අද දිනයේදී ගිනිකොණ දිග සහ ඊට යාබද මධ්‍යම – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති.

මෙම පද්ධතිය හෙට දින ගැඹුරු පීඩන අවපාතයක් දක්වා සහ ඔක්තෝම්බර් 27 වන දින සුළිකුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව පවසන්නේ.

Share This