
දන්ත වෛද්‍යවරු නොවැ. 06 වැඩවරන බව කියයි
එළඹෙන 06 වැනිදා දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මේ පියවර ගන්නා බවයි ඔවුන් පැවසුවේ.
මේ අතර රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මැදිහත් වීමෙන් රෝහල් පද්ධතිය තුළ ඇති ගැටළු අඩුපාඩු සොයා බැලීම සඳහා දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරනවා.
