
හෙට සහ අනිද්දා සුළි කුණාටු අවදානමක් – මුහුදුයාමෙන් වළකින ලෙස කලගුණ අනතුරු ඇඟවීම්
දිවයිනේ උතුර,උතුරු මැද,ත්‍රිකුණාමලය,සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලහුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඇතැම් ප්‍රදේශවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කරන බවයි.
බස්නාහිර,සබරගමුව,මධ්‍යම හා වයඹ පළාත්වල අද දවසේ වැසි වාර කීපයක් පමණක් ඇතිවිය හැකි බව කලගුණ නිවේදනයේ පවසනවා.
අදත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ ප්‍රදේශවල බස්නාහිර,උතුර,උතුරු මැද,වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40 -50 ත් අතර තද සුළං පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ ව්ද්යාඥවරයා සඳහන් කළා.
ඔහු පැවසුවේ ගිනිකොන දිග බෙඟාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කි.මී.800 ක් පමණ දුරින් ස්ථානගතව පවතින බවයි.
මෙම පද්ධතියේ නවතම අනාවැකි අනුව අද දවසේ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා එය වර්ධනය වී හෙට දිනයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එම තත්ත්වය අනිද්දා දිනය (28) වනවිට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි.
මේ හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කරන දීවරයින් ට සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ මුහුදු හාමෙන් වැළකී සිටින ලෙසයි.
මෙම පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය,මඩකලපුව දක්වා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නියැලීමද අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
ගාල්ල,මාතර,හම්බන්තොට සහ පොතුවිල් දක්වා මුහුදු තීරයේ ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත ධීවරයින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම පද්ධතියේ සක්‍රිය බව පිළිබඳ නිකුත් කරන අනතුරු ඇඟවීම් පිළිබද අවදානයෙන් පසුවන ලෙසට ද දැනුම් දීමක් සිදු කරනවා.
