මැදවච්චියේ ඇලකින් මැගසින් 2 ක් සහ ජීව උන්ඩ 41 ක් හමුවේ

මැදවච්චියේ ඇලකින් මැගසින් 2 ක් සහ ජීව උන්ඩ 41 ක් හමුවේ

ටී. 56 මැගසින් 02 ක් සහ ජීව උණ්ඩ 41ක් මැදවච්චිය පොලිසිය විසින් ඊයේ සවස මැදවච්චිය, වහමලුගොල්ලෑව ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

මැදවච්චිය පොලිස් වසමේ වහමල්ගොල්ලෑව ,රණවිරුගම්මානය පිටුපස ප්‍රදේශයේ මහ කනදරාව සිට ඉකිරිගොල්ලෑව දක්වා ගමන් කරන ඇළ මාර්ගයේ ජලය පිරුණු වලක් අසලදී මෙම උණ්ඩ සහ මැගසින් හමුව තිබුණේ ඊයේ සවස එම ඇළට මාළු ඇල්ලීම සදහා ගිය පුද්ගලයින් පිරිසකටයි.

එහිදී ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය දැනුවත් කර තිබුණා.

මෙම මැගිසින් හා උන්ඩ දැනට මාසයකට පමණ ආසන්න කාලයක් තුල එම ස්ථානයට දමා ඇති බවත් මැගසින් හා ජීව උණ්ඩ පාවිච්චි කල හැකි මට්ටමේ පවතින බවට එහිදී සිදුකළ මූලික විමර්ෂණ වලින් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම මෙම පතොරම් සහ මැගසින් හමුවූ ස්ථානයට ආසන්නව යුද්ධය සමයේ ආබාධිත රණවිරුවන් හට නිවාස සාදා පදිංචි කර ඇති රණවිරු ගම්මානයක්ද පිහිටා ඇති අතර එම ගම්මානයේ පදිංචි පුද්ගයකු විසින් එම උණ්ඩ ඇළ මාර්ගයට දමා ඇත්ද නැතහොත් අපරාධයක සැලස්මක්ද යන්න පිළිබදව සොයාබැලිම සදහා පොලිසිය විසින් පරීක්ෂාණ සිදු කරනු ලබනවා.

Share This