රු.මි.84 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කටුනායක ගුවන් තොටේදී අල්ලයි

රු.මි.84 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කටුනායක ගුවන් තොටේදී අල්ලයි

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය රුපියල් මිලියන 84.96 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 2.8 ක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් මෙම ඉන්දීය ජාතිකයා සතුව තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 2,832 ක්.

වයස අවුරුදු 39 ක් වන සැකකරු පැමිණ තිබුණේ මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 315 ගුවන් යානයෙන් ඊයේ (26) සවස 4:30 ට පමණයි.

පරීක්ෂා කිරීමේදී, රේගු නිලධාරීන් සැකකරුගේ ගමන් මලුවල ව්‍යාජ පතුලක සඟවා තිබූ මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 84.96 ක් බව රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් පැවසුවා.

 

 

Share This